School Anthem
Welcome / School Anthem
සතර අමා රස උල්පත වූ
රුහුණු බිමට මිණි පහනක් වූ
ගොඩපිටියේ මැදි විදුහල් මාතා
නමදිමු සිරස නමා……//
යහගුණ දහමින් ගත සැරසූ
ශිල්ප සතර නැණ එලි දැල්වූ
විදුහල් මවුනේ ඔබෙ සිරි නාමය
මගෙ දිවියට දිව මතුරක් වේ……//
ජය මාවත ජය කෙහෙලි නගා
පෙරමුණ ගන්නට දිරිය වඩා
නදී නිල්වලා සිලි සිලි රාවය
ආසිරි ජය සක් පිඹිනු ඇසේ……//
ඔබ පා සෙවනේ සිසිල ලබා
ඔබෙ ගුණ සුවදින් සවිය ලබා
මගෙ හද මලසුන බැතිමල් පුද දී
ගුණ සමරා පා යුග වඳිමු……//
ගීත නිර්මාණය : එස්. මලල්ගොඩ