ශිෂ්‍ය නායක මණ්ඩලය
සාදරයෙන් පිළිගනිමු / ශිෂ්‍ය නායක මණ්ඩලය
හැඳින්වීම
නායකයාගේ අනාගත දැක්ම හෙවත් දර්ශනය සම්බන්ධයෙන් සලකා බලන විට තද විදුලි ධාරාවක් අඳුර බිඳගෙන ආලෝකය පරාවර්තනය කරන්නාක් මෙන් නායකයාද සිය අනුගාමිකයන්ගේ අනාගතය විනිවිද දකින්නෙකු විය යුතුය.
පාසලේ පරිපාලන ව්‍යුහය තුළ ශිෂ්‍ය නායක, නායිකාවන්ට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. පාසල් ක්‍රියාවලිය තුළ ඔහු හෝ ඇය තීරණාත්මක සාදකයකි. ඔවුන් ප්‍රකට කරන නායකත්ව කුසලතා පාසල ආලෝකය කරා ගෙවයාමට ඉතා ප්‍රභල ලෙස දායක වනු ලබයි. එමෙන්ම පාසල් ශිෂ්‍යයෙකු ලෙස සමාජීය කුසලතා ළඟා කර ගැනීමට නායකත්ව කුසලතා අත්පත් කරගැනීම වැදගත්ය.
දහස් සංඛ්‍යාත සිසුන් අතරින්, කීර්තිමත් ශිෂ්‍ය කණ්ඩායම සහ පාසලේ කළමනාකාරිත්වය අතර සම්බන්ධකය ලෙස දැකිය හැකිය. ගොඩපිටිය ජාතික පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය පාසලේ සියලුම සිසුන් සමඟ මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා මඟ පෙන්වයි.එය පරම්පරා ගණනාවක් පුරා දෝංකාර දෙන දීප්තිමත් පෞරුෂයන්ගේ සදාකාලික මහිමයකි.
වසර ගණනක ඉතිහාසය සහ සංස්කෘතිය පුරාවටම ගොඩපිටිය මැදි විදු මව් ප්‍රජාවෙන් අපේක්ෂා කරන උසස් ප්‍රමිතීන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වයෙන් ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කිරීම විශාල වගකීමකි. ඒ වගකීම් වලින් ප්‍රධාන කොටසක් හිමිවන්නෙ ශිෂ්‍ය නායක මණ්ඩලයටයි.
ගොඩපිටිය මැදි විදු අඹෙර් දිලෙනා තරුකැට දහසක් අතරේ වඩාත් දිදුලන තරුකැටයක් ලෙස නායකත්ව ගමනේ ආරම්භය මෙතැන් සිට ගෙන දිනක විශිෂ්ඨයින් ලෙස පාසල ලකඹරේ ඉහලටම ගෙනයමින් ඉතිහාසයට නව පණක් ලබා දීමට හැකි ශිෂ්‍ය නායක මණ්ඩලය අපේ දේ රැකගෙන නවමානයකින් අභිමානවත්ව අනාගතය අලංකාර කරමින් පාසලේ තේජස වැඩිදියුණු කරයි.
ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංඡන
ජ්‍යෙෂ්ඨ නිල ලාංඡනය
කනිෂ්ඨ නිල ලාංඡනය
කනිෂ්ඨ ද්විතීක නිල ලාංඡනය
ආධුනික නිල ලාංඡනය
නව ලොවක අරුණළු නැඟී
නව ලොවක මල් කෙමි ඇදී
දසත විහිදා සුවඳ හමනා
දිරිය දරුවන් වෙමු අපි ………
නායකත්වය නිවැරදිව ගෙන
දයා කරුණා සෙනෙහෙ පාමින්
ඉදිරියට යන වීර දරුවන්
ලෙසින් රැවුදී නගමු ජය සක් ………
සුසංයෝගය ජීව ශක්තිය
සානුභූතිය හදෙහි රඳවා
අදිටනින් හා ඍජු ලෙසින්
පෙරමුණට යමු සිහ වෙසින් ………
සැම තොල් සඟලක දිව මතුරක් වී
සාමය සමඟිය මල් යහනක් වී
මේ රට මේ ලොව සුවඳින් නැහැවී
උදාර ගමනක යමු අපි එක් වී ………
පද රචනය :- බෙරලපනාතර ශාන්ත හිමි
දකුණු ලක
මාතර පුරවරයෙහි ස්වර්ණ ප්‍රදීපස්ථම්භයක් වූ
දස දෙස කිතුගොස විහිදුවන කීර්තිමත් විද්‍යාලයක් වන
අකුරැස්ස ගොඩපිටිය ජාතික පාසලේ (2026) වර්ෂය සඳහා
(ප්‍රධාන | උප ප්‍රධාන | ජ්‍යෙෂ්ඨ | කනිෂ්ඨ | ආධුනික)
ශිෂ්‍ය නායක/නායිකාවන් ලෙස තේරීපත් වූ අප සියළු දෙනා අද දින සිට
විද්‍යාලයේ නීති රීති වලට එකඟවෙමින්
විද්‍යාලයේ ගෞරවය සහ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අන්යෝන්‍ය සුහදත්වය ආරක්ෂා කරමින්
නායකත්ව භූමිකාව දෙස සුබවාදී ත්‍රිත්වයම සක්‍රීය කොට
නබෝ ගැබ තුළ ලෙළදෙන ධජය ඉදිරියේ විදුහල් මාතාව විදුහල්පතිතුමා/තුමිය,
ආචාර්ය මණ්ඩලය,
සහෝදර සහෝදරියන් ඉදිරියේ
ගෞරව බහුමානයෙන් යුතුව ප්‍රතිඥා දෙමු.
📗 ව්‍යවස්ථා සංග්‍රහය
⚠️ සැ . යු :- 2023.01.01 වන දින සිට බලපැවැත්වෙන පරිදී මාර/ගොඩපිටිය ජාතික පාසලේ ශිෂ්‍යනායක ක්‍රියාපටිපාටිය සංශෝධනය කෙර්. ඒ අනුව මීට ප්‍රථම ක්‍රියාත්මක වූ සියළු කාර්යය පටිපාටි අහෝසි වනු ඇත.
💎 නායක සංයුතිය
🟢 ආධුනික, කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ලෙස ශිෂ්‍යනායක මණ්ඩලය කොටස් 3කින් සමන්විතය.
🟡 ආධුනික නායකයින් 9 ශ්‍රේණියෙන් ද කනිෂ්ඨ ශිෂ්‍යනායකයින් 10 ශ්‍රේණියෙන් ද බඳවාගැනේ.
🟢 ආධුනික නායක මණ්ඩලය සාමාජිකයින් 20 දෙනෙකුගෙන් සමන්විත විය යුතුය.
🟡 කනිෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය 40 ( 10*4 ) දෙනෙකුගෙන් සමන්විත විය යුතුය.
🟢 11 ශ්‍රේණිය සහ උසස් පෙළ පන්තිවල ශිෂ්‍ය නායක නායිකාවන් ජේෂ්ඨ වේ.
💎බඳවා ගැනීමේ ක්‍රමවේදය
🟡 ආධුනික ශිෂ්‍ය නායක නායිකාවන් තෝරා ගැනීමට අදාළ අයදුම්පත කැඳවන අවස්ථාවේදී ඊට කැමති 9 ශ්‍රේණියේ සිසුන් තම පන්තිභාර ගුරුවරයාට අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
🟢අයදුම්පත් සියල්ල පන්ති වශයෙන් වෙන් කර ඉන් සුදුසුම සිසුන් දස දෙනෙකුගේ අයදුම්පත් 10ක් තෝරා ඉදිරිපත් කිරීමේ වගකීම පන්තිභාර ගුරුභවතා සතුය.
🟡 එම අයදුම්පත් සංඛ්‍යාවේ එකතුව 40ක් වියයුතුය.
🟢 එම අයදුම්පත් තේරීමේදී දෙපාර්ශවයටම සමානාත්මතාවය හිමිවන පරිදී තෝරා දීම පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්ය.
🟡 මෙම අයදුම්පත් 40 සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් ඉදිරියේ සම්මුඛ පරීක්ෂණයට භාජනය කළ යුතුය.
🟢 එක පන්තියකින් 5 දෙනා බැගින් ඉතාම සුදුසු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20දෙනා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට තෝරාගතයුතුය.
🟡සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පහත පරිදී සකස් වේ.
⚜️ විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමා/තුමිය
⚜️ අංශ ප්‍රධාන – (6,7,8)
⚜️ අංශ ප්‍රධාන (9,10,11)
⚜️ ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ආචාර්යවරුන්ගෙන් දෙදෙනෙක්
💎 කනිෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය
🟢 10 ශ්‍රේණායේ සියළුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අයදුම් කිරීමේ අවස්ථාව හිමිවේ.
🟡 එම අයදුම්පත් සියල්ල සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් ඉදිරියේ නියම කරනු ලබන දිනක හෝ දිනවල සම්මුඛ පරීක්ෂණවලට කැඳවිය යුතුය.
🟢 ඒ අනුව එක පන්තියකින් 10 බැගින් බඳවා ගතයුතුය. (ගැහැණු ළමුන් 05 සහ පිරිමි ළමුන් 05 කි.)
නායකයින් 20ක් ද නායිකාවන් 20 ක් ද වශයෙන් සමන්විත විය යුතුය.
🟡පාසලේ සෙවයේ නියුතුව සිටි ගුරුභවතුන්ගේ දරුවන් ශිෂ්‍යනායක තනතුරට ඉල්ලුම් කලේ නම් ඔවුන්ට ප්‍රසාද ලකුණක් පිරිනැමේ.
⚙️ සම්මුඛ පරීක්ෂණ ව්‍යුහය
⚜️විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමා/තුමිය
⚜️ශ්‍රේණිභාර අංශභාර ප්‍රධානී, ගුරුභවතුන්
⚜️9,10 ශ්‍රේණි ප්‍රධාන ගුරුභවතුන්
⚜️ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ගුරුභවතුන් දෙදෙනෙක්
⚜️පන්තිභාර ගුරුභවතුන් දෙදෙනෙක්
💎 ශිෂ්‍ය නායක මණ්ඩලය දිවුරුම්දීම
🟢 නියමිත මාස තුනක පරිවාස කාලයකින් පසුව කාලානුරූපීව දිවුරුම්දීම නිල ලාංඡන පැළඳවීම සිදුවිය යුතුය. (ආධුනික සහ කනිෂ්ඨ මණ්ඩල යන දෙඅංශයම ඉහත නීතියට යටත් කරනු ඇත.)
🟡 දිවුරුම් දී නිල ලාංඡන පැළඳීමෙන් අනතුරුව ශිෂ්‍ය නායකයින් අත්දිග කමිසය ඇදීම අනිවර්ය වේ.
🟢 ශිෂ්‍ය නායිකාවන් කොන්ඩ දෙක කොළ පාට රිබන් එකකින් ගැටගසා තිබිය යුතුය.
💎 ශිෂ්‍ය නායක මණ්ඩලයේ විනය කලමණාකාරීත්වය
🟡 නිල ලාංඡන නොපැලඳ සිටීම දඬුවමකට යටත් කළ හැකි වරදකි.
🟢පාසල් විනය නීතිරීති වලට නොගැළපෙන හැසිරීම (නිළ ඇඳුම, ප්‍රේම සම්භන්ධතා, අවනත නැති බද ආදී)
🟡නොසැලකිලිමත් ලෙස රාජකාරි සිදුකිරීම හා විනය විරෝධී කටයුතුවල යෙදීම / ඊට අනුබල දීම
🟢පාසලට ප්‍රමාදවී පැමිණිම.
ඉහත ඹ්නෑම විනය විරෝධී හැසිරීමකට අනුව නිල ලාංජන ගලවා මණ්ඩලයෙන් ඉවත් කිරීමේ බලතල විදුහල්පතිතුමා සතුය. ඒ අනුව විදුහල්පතිතුමා කැඳවන මණ්ඩලයේ සමාජිකයින් හමුවේ එය විභාග කර ඉවත් කිරීම, රඳවා ගැනීම හෝ පන්ති තහනමකට ලක් කිරීම අවසාන තීරණය ගනු ලබයි.
ශිෂ්‍ය නායක මෙන්ම අනෙකුත් සිසුන්ගේ විනය චර්යාවන් පිළිබඳව සොයා බැලීමේ වගකීම ආචාර්ය මණ්ඩලයේ සියළු දෙනාගේම වගකීම ලෙස සලකනු ලැබේ.
💎ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරුවලට පත්කිරීම
🟢ප්‍රධාන නායක තනතුරු 4ක් තෝරා ගත යුතු වන්නේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයින්ගෙන් වන අතර, විදුහල්පතිතුමා ප්‍රමුඛ මණ්ඩලය මඟිනි.
🟡ප්‍රධන ශිෂ්‍ය නායක/නායිකා හෝ උප ප්‍රධාන නායක/නායිකා යම් අවස්ථාවක දී පුරප්පාඩු වුවහොත් වැඩ ආවරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක/නායිකාවන්ගෙන් කෙනෙකු තාවකාලිකව පත්කර ගත හැකිය. එය ඉදිරි නිළවරණය තෙක් වලංගු වන පරිදී සිදුවිය යුතුය.
💎ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ගුරුභවතුන්
🟢විදුහල්පතිතුමා
🟡නියෝජ්‍ය විදුහල්පතිතුමා/තුමිය
🟢ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ප්‍රධාන ගුරුතුමා/තුමිය
🟡විදුහල්පතිතුමා නම් කරන ලද අනෙකුත් ගුරුභවතුන්
මෙයට,
01. විදුහල්පති, මාර/ ගොඩපිටිය මධ්‍ය මහා විද්‍යාලය, අකුරැස්ස.
02. ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ආචාර්ය මණ්ඩලය
දිනය :- 2023.01.01
ඉතිහාසය
2026 | ශිෂ්‍ය නායක මණ්ඩලය
2026 ශිෂ්‍ය නායක මණ්ඩලය
2026 ශිෂ්‍ය නායක මණ්ඩලයේ තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තුවන්න
- ප්‍රධාන ශිෂ්‍ය නායක
- Pending To Be A Member
- Pending To Be A Member
- උප ප්‍රධාන ශිෂ්‍ය නායක
- Pending To Be A Member
- Pending To Be A Member
2025 | ශිෂ්‍ය නායක මණ්ඩලය
- ප්‍රධාන ශිෂ්‍ය නායක
- T. G. සනුග ජිත්සර - 18983
- W. H. මිනුලි සදිල්යා - 18880
- උප ප්‍රධාන ශිෂ්‍ය නායක
- Y. H. විහඟ භානුක - 18923
- Y. මයුදි ජෙසිකා සඳමිනි - 18922
2024 | ශිෂ්‍ය නායක මණ්ඩලය
- ප්‍රධාන ශිෂ්‍ය නායක
- S. ගීනුක දුල්මෙත් - 17949
- S. P. අමාෂා ශ්‍රී උමන්දි -18025
- උප ප්‍රධාන ශිෂ්‍ය නායක
- T. ජනිදු චන්දූප - 17927
- H. A. සමාධි ප්‍රාර්ථනා - 18119
2023 | ශිෂ්‍ය නායක මණ්ඩලය
- ප්‍රධාන ශිෂ්‍ය නායක
- W. G. රංසිළු සඳකැළුම්
- M. A. K. යෂිනි තරුෂිකා
- උප ප්‍රධාන ශිෂ්‍ය නායක
- H. G. පුබුදු හංසික
- U. G. K. දුල්කි හේෂානි
මෙම වසරවලට පෙර ශිෂ්‍ය නායකයින් (ප්‍රධාන ශිෂ්‍ය නායකයින් / ශිෂ්‍ය නායකයින්) පිළිබඳ ලිඛිත වාර්තා හෝ ලේඛනගත තොරතුරු නොමැත.









